පාකිස්තානු නිළියන්ට ඉන්දියානු සිනමාවට තහනම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-12-ent-156

ඉන්දු - පාකිස්තාන දේශසීමා අරගලය බොලිවුඩයටත් ලොකු බලපෑමක් සිදුකරයි. ඒ Ae Dil hai Mushkil, Raees, Dear Zindagi වැනි චිත්‍රපට තිරගත කිරීමට දැඩි අර්බුදයකට මුහුණ දීමට එම නිෂ්පාදක කණ්ඩායම්වලට සිදුවූ බවද සඳහන් වේ. මේ හේතුවෙන් ෆාවද ඛාන්, මහිරා ඛාන් වැනි පාකිස්තාන නළු නිළියන්ට ඉන්දියාව අතහැර පාකිස්තානයටම නැවත යෑමට සිදුවන තත්ත්වයක් උදාවී තිබේ. ඒ එම විරුද්ධවාදීන් සමගින් පාකිස්තාන නළු නිළියන් බොලිවුඩ් සිනමා නිර්මාණවලට දායක කර නොගන්නා බවට පොරොන්දු වීමත් සමගිනි. සංකේත් චෞද්‍රි අධ්‍යක්ෂණ කර ඉෆරාන් ඛාන් ප්‍රධාන චරිතයට නිරූපණය කරන "Hindi Medium" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණදෙනු ලබන්නේ පාකිස්තාන නිළි සාබා ක්මාර්ය. මෙම මස 19 වැනිදාට තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ඇයගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය වන අතර, එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සාබා ඉන්දියාව වෙත ඒමට සූදානම් බවද සඳහන් වේ.

පසුගිය කාලයේ අතිවී තිබූ වාතාවරණය සමගින් ඇයගේ පැමිණීම පිළිබඳව බොහෝ දෙනාට ගැටලුවක් වී තිබුණු නමුත්, මේ පිළිබඳව හරියාකාර ප්‍රකාශයක් කිරීමට මෙහි අධ්‍යක්ෂකවරයාද පසුබසින බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. පාකිස්තාන නිළියන් බොලිවුඩ් සිනමාව සඳහා දායක කරගැනීම හේතුවෙන් ඉන්දියානු සිනමාව අභාවයට යන බවද කාජල් සහ අජේ දේව්ගන්ද පවසා තිබේ.

 

2017-05-12-ent-155