‘පා’ දෙවැන්නට එකතු වෙන අභිෂේක්
2005 – 2007 කාලයේ අතිශය ජනප්රිය බොලිවුඩ් සිනමා නළුවෙක් වු අභිෂේක් බච්චන් මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළින් දකින්නට ලැබෙන්නේ ඉතා කළාතුරකිනි. කාලයක් වසරකට චිත්රපට පහකට වඩා රංගනයෙන් දායක වූ අභිෂේක් මේ වනවිට වසරකදී එක් චිත්රපටයකින් හෝ දැකගත නොහැකි නළුවෙකු බවට පත්ව සිටියි.
ඔහු අවසන් වරට ප්රේක්ෂකයන් අතර කතාබහට ලක්වූයේ 2016 වසරේ සජිද් නදිඩ්වාලාගේ ‘හවුස්ෆුල්’ චිත්රපටය තුළිනි. කෙසේ වෙතත්, අභිෂේක් මේ වසරේ චිත්රපට තුනකින් මුණ ගැහෙන අතර, 2009 වසරේ සම්මාන රැසක් දිනාගත් ‘පා’ චිත්රපටයේ දෙවැන්න තුළින්ද මේ වසරේ ඔහු සිය රසික පිරිස් මුණ ගැසීමට සුදානමින් සිටියි.