ප්‍රියාගේ 'ඔරු ආදර් ලව්' චිත්‍රපටයට දිනයක් නැහැ
සමාජජාලා වෙබ් අඩවි තුළ අතිශය ජනප්‍රිය වූ ප්‍රියා ප්‍රකාශ් රඟන ‘ඔරු ආදර් ලව්’ චිත්‍රපටය තිරගත වන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වේ. බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වූ මෙම චිත්‍රපටයේ ප්රචාරක පටය මේ වනවිටත් මිලියන ගණනකට අධික පිරිසක් නරඹා වාර්තාද තබා තිබේ.
ඹ්මාර් ලූලා අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය මීට පෙර ගෙවුණු වසරේ ජුනි 26 වැනිදා ප්‍රදර්ශනය කරන්නට නියමිතව තිබුණද පසුව ප්‍රියා ප්‍රකාශ් සම්බන්ධව නීතිමය ගැටළුවක් නිසා මෙම චිත්‍රපටය කල්ගත විය. කෙසේ වෙතත්, දකුණු ඉන්දීය සිනමා තොරතුරු වාර්තා කරන්නේ ප්‍රියා රඟන මෙම චිත්‍රපටයට ප්‍රදර්ශනය වන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවය.