ප්රියංකාගේ සහයට කංගනා එක්වෙයි
‘කොවිඩ්’ වසංගතය නිසා අසරණ තත්ත්වයට පත්ව ඇති ඉන්දීය ජනතාව වෙනුවෙන් ප්රියංකා චොප්රා ආධාර මුදල් සොයා ගන්නට වෙහෙසෙන ක්රියාව අගය කරමින් කංගනාද සිය ‘ටිවිටර්’ ගිණුම හරහා ඇයව දිරිමත් කර තිබෙන බව සඳහන් වෙයි.
කංගනාද සිය සමාජ පිටු උපයෝගි කරගෙන ප්රියංකාට සහය දක්වන ලෙස තම රසික පිරිස් වෙත දැනුම්වත් කර ඇත. එමෙන්ම ඇයද මේ වනවිට ප්රියංකාට මුදල් ආධාර කිහිපයක්ම සිදු කරන්නට සූදානමින් සිටින බව වාර්තා වෙයි.