ප්‍රියංකාගේ පවුලට අලුත් සාමාජිකයෙක්
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඊට ටික දවසකට පසු නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබෙනවා. ඒ සුරතල් බලු පැටියෙක්. ප්‍රියංකා බලු පැටවුන් සඳහා ඇල්මක් දක්වන බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමග ප්‍රියංකා වැඩි පුර කාලය ගත කරන බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ.