ප්‍රියංකාගේ විවාහය දෙසැම්බර්වලට කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-147

ජනප්‍රිය සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ විවාහය දෙසැම්බර් මාසයට කල් ගොස් ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි. භාරගත් චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් නිසා කාර්යබහුල වී ඇති ප්‍රියංකා සිය විවාහය මෙසේ කල්ගත වීමට හේතුව එය යැයි සඳහන් කර සිටියි. එමෙන්ම නික්ද ප්‍රසංග කිහිපයක් සඳහා මේ වනවිට කාර්යබහුල වී ඇති අතර, ඔහුටද සිය විවාහය සඳහා ඉඩක් වෙන් කර ගැනීමට මේ වන විට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත්, පසුගිය කාලයේ බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ දිපීකා හා රන්වීර්ගේ විවාහය සිදුවෙනවාත් සමග ප්‍රියංකා හා නික්ගේ විවාහයද සිදුවෙනු ඇති බවය. ප්‍රියංකාගේ විවාහය පිළිබඳව තොරතුරු පළ කරන කිසිදු වෙබ් අඩවියක් එය දෙසැම්බර් මාසයේ කවදාද යන්න සඳහන් කර නොමැති අතර, රාජස්ථාන්හි මෙහෙරාගර්හි විවාහය පැවැත්වෙන බවට තොරතුරු ලබා දී තිබේ. ප්‍රියංකා හා නික්ගේ විවාහ ගිවිස ගැනීම පසුගිය අගෝස්තු මාසයේදී මුම්බායිහි සිදුවිය විය.