ප්‍රියංකාගේ විවාහය ගැන ඉඟියක්
මේ වනවිට විවාහ ගිවිස ගෙන ඇති ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස්ගේ විවාහය ඉන්දියාවේ නොපවත්වන බව ප්‍රියංකාගේ ඥාතින් මාධ්‍යයට පවසා ඇත. නික් ජෝන්ස්ගේද වැඩි කැමැත්ත ප්‍රියංකා හා තම විවාහය විදෙස් රටක පැවැත්වීමට බවය.
මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රියංකාගේ මව පවසා තිබුණේ සිය දියණියගේ විවාහය හවායි දූපතේ පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය වෙමින් පවතින බවය. එමෙන්ම එය කවදා පවත්වනවාද යන්න තමාට පැවසිය නොහැකි බවද ඇය වැඩිදුරටත් පවසා ඇත. බොහෝ දෙනා පවසන්නේ අනුෂ්කා හා විරාත් කොපි කරමින් ඔවුන් දෙදෙනාද විදේශය සිය විවාහය සිදු කරන්නට සූදානමින් සිටින බවය.