ප්‍රියංකාගේ අවුරුදු 10ක් බාල 'පෙම් පලහිලව්ව'
ඉන්දියානු නිළියක් වන ප්‍රියංකා චොප්රා වැඩි වශයෙන් කාලය ගත කරන්නේ හොලිවුඩයේ බව බොහෝදෙනා දන්නා කාරණාවක්. බොලිවුඩ් සිනමාවෙන් දස්කම් පෑ ඈ මේ වන විට ජාත්‍යන්තරය පවා දන්නා හඳුනන කෙනෙකු බවට පත්ව තිබේ. බොලිවුඩ් පුරවරයෙන් රාජකීය මංගලෝත්සවයට පවා සහභාගී වීමට අවස්ථාව හිමි වූයේ ඇයට පමණි. මේ කාරණා සමගින් පසුගිය කාලයේ ප්‍රියංකා පිළිබඳව වැඩි කතාබහට යොමු වූයේ ඇයගේ නව පෙම් සම්බන්ධතාවය හේතුවෙනි. ඇය 25 හැවිදිරි නික් ජොනාස් සමග පෙමින් වෙළෙන බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කරනු ලැබීය. ප්‍රියංකාට වඩා වයස අවුරුදු 10ක් පමණ බාල නික් ජනප්‍රිය ගායකයෙක්, පද රචකයෙක් මෙන්ම රංගන ශිල්පියෙකි. 2002 වර්ෂයේ ගායකයෙක් වන ඔහු Chains, Jealous, Teacher, Warning, Wilderness, Nothing Would Be Better වැනි ගීත ගයනා කර තිබෙන අතර, Jumanji, Goat ,Careful What You Wish For වැනි අතිශයින් ජනප්‍රිය සිනමාපට සඳහා රංගනයෙන්ද දායක වී තිබේ. ප්‍රියංකා සහ නික්ගේ ආදර සම්බන්ධතාව මාස ගණනාවක් හොර රහසේ ගෙන ගිය නමුත්, මේ වනවිට ඔවුන් ප්‍රසිද්ධියේම පෙම් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම කාරණාව පුවත් මාධ්‍ය හරහා වාර්තා වීමේදී ප්‍රියංකාගේ මව වන මධු චොප්රාගෙන් ඉන්දියානු පුවත් මේ පිළිබඳව විමසා සිටි බව සඳහන් වෙයි. එහිදී ඇය පවසා ඇත්තේ, මෙය පදනමක් නැති කටකතාවක් බවයි. ප්‍රියංකා විදේශිකයෙකු සමග පෙම් සම්බන්ධතාවක් පවත්වන බවට තමන් විශ්වාස නොකරන බවත්, තම දියණිය සංස්කෘතීන් දෙකක විවාහයක් සිදුකර නොගන්නා බව තමන් හොඳින්ම දන්නා බවත් ප්‍රියංකාගේ මව පවසා තිබේ. මෙම ප්‍රකාශත් සමගින් ඉන්දියානු මාධ්‍ය ප්‍රියංකා සහ නික් සාදවලට සහභාගී වන ඡායාරූප කිහිපයක් වෙබ්අඩවි හරහා පළකරනු ලැබීය. මෙම සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් බොහෝදෙනෙකු පවසා ඇත්තේ, ප්‍රියංකා සහ නික් ගැළපෙන යුවළක් බවයි. ඇතැමුන් මෙම සම්බන්ධතාවය තරයේ හෙළා දකින බවත් පවසා තිබේ. ඉන්දියානු සංස්කෘතිය සහ බටහිර සංස්කෘතිය එක්වීම අනුමත නොකරන බවයි බොහෝදෙනා පවසා තිබෙන්නේ. ඒ සමගම මොවුන් දෙදෙනාගේ වයස් පරතරය පිළිබඳවද බොහෝදෙනා කතාබහ කරයි. 35 වැනි වියේ පසුවන ප්‍රියංකා නික්ට වඩා අවුරුදු 10කින් වැඩිමහල් වන අතර, ඒ කාරණාවත් හේතුකොට ගෙන මොවුන් දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවයට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නික් යනු ප්‍රියංකා චොප්රාගේ පස්වැනි පෙම්වතා බවයි සඳහන් වන්නේ. 2000 වසරේදී ඇය ලෝක රූ රැජින ලෙස කිරුළ පැලඳි කාලයේදී ඇයගේ පෙම්වතා වූයේ අසීම් මර්චන්ට්ය. ඔහු බොලිවුඩ් නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ප්‍රියංකා අසීම්ගේ මාර්ගයෙන් සිනමාවට පිවිසි බවයි සඳහන් වන්නේ. සිනමාවට පිවිසි පසු ප්‍රියංකා සහ අසීම්ගේ සම්බන්ධතාව අවසන් වූ බව වාර්තා වේ. එම සම්බන්ධය අවසන් වූ පසුව ඔහු විසින් 67 Days නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබේ. එය ප්‍රියංකාගේ ජීවිත කතාව පදනම් කර ගනිමින් නිර්මාණය කළ බවයි බොහෝදෙනා පැවසුවේ. එම කාරණාවෙන් පසුව ප්‍රියංකා විසින් අසීම්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ උත්සාහයන් දැරූ බවද සඳහන් වෙයි. කෙසේවෙතත් මෙම හේතු කාරණා නිසා එම චිත්‍රපටය තිරගත කිරීමට නොහැකි වී තිබේ.
ප්‍රියංකාගේ දෙවැනි පෙම්වතා ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ආක්ෂේ කුමාර්ය. ඔවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වූ ‘අන්දාස්’, ‘මුජේ ෂාදී කරෝගී’ වැනි චිත්‍රපට නිසා දෙදෙනා අතර පෙම් සබඳතාවක් හටගත් බවයි වාර්තා වන්නේ. ප්‍රියංකාගේ තෙවැනි පෙම්වතා ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ හම්රාන් බවේජාය. ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි හර්මාන් ‘ලව් ස්ටෝරි 2050’ චිත්‍රපටය ඔස්සේ රංගනයට පිවිසි අයෙකි.
ප්‍රියංකාගේ හතරවැනි පෙම්වතා ලෙස ප්‍රසිද්ධිය පත්වූයේ ෂාරුක් ඛාන්ය. මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධය බොලිවුඩයේ විශාලම මාතෘකාව බවට පත්විය. ඒ වන විටත් ෂාරුක් සහ ගෞරි විවාහ වී සිටියේය. මේ කාරණාව හේතුවෙන් ප්‍රියංකා සහ ගෞරි අතර තිබූ මිත්‍රත්වයද අවසන් වූ බවයි පැවසෙන්නේ. ප්‍රියංකාගේ පස්වැනි පෙම්වතා වන්නේ ෂාහිඩ් කපූර්ය. ෂාහිඩ් සහ කරීනා අතර සම්බන්ධතාවයට පසුව ෂාහිඩ් නැවත පෙම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත්තේ ප්‍රියංකා සමගිනි. මෙම සම්බන්ධතාවය එතරම් දුරදිග නොගිය බවයි වාර්තා වන්නේ. එලෙසින් ගත් කල නික් ජොනාස් ප්‍රියංකාගේ 06 වැනි පෙම්වතාය.