ප්‍රියංකා හදිසියේම බර්ලින් යයි
ජනප්‍රිය සිනමා නිළි ප්‍රියංකා චොප්රා මීට දින කිහිපයකට පෙර හදිසියේම ජර්මනියේ බර්ලින් නගරයට ගොස් තිබෙන පුවතක් වාර්තා වෙයි. ඒ ඇයගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ වෛයිරසය උත්සන්න වීම හේතුවෙන් ඉන්දියාවට පැමිණි ප්‍රියංකා හා ඇගේ සැමියා වූ නික් දෙදෙනා මෙසේ හදිසියේම බර්ලින් නගරයට ගොස් ඇත්තේ ‘මැට්රික්ස්’ චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා සහභාගී වීමට බව වාර්තා වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන කේනු රිවිස් සමගින් කැරි මොස්, නිල් ප්‍රැටික්, ජොනතන් ග්‍රෝෆ් ඇතුළු නළුනිළි පිරිසක් මීට සතියකට පෙර බර්ලිනයට ගොස් මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා සම්බන්ධ වි තිබුණි.