ප්රියංකා සිය කෘතවේදිත්වය පළ කරයි
සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්රියංකා චොප්රා හා ඇයගේ සැමියා වූ ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් දෙදෙනා එක්ව ආරම්භ කළ ‘කොවිඩ්’ අරමුදලට ආධාර ලබා දෙන්නට බොහෝ දෙනෙකු මේ වනවිට ඉදිරිපත් වී තිබේ.
ඒ අතර ප්රධාන තැනක් ගෙන ඇත්තේ හොලිවුඩ් සුපිරි නළුනිළියන් කිහිප දෙනෙකු බව වාර්තා වෙයි. ‘එක්ස් මෙන්’ චිත්රපටවල දුටු හියූ ජැක්මන් හා ජේම්ස් මැකෝවායි ඒ අතරින් ප්රධාන වෙයි. ඔවුන් දෙදෙනාම මේ වනවිට ප්රියංකාගේ අරමුදලට ආධාර සොයමින් සිටින බව සඳහන් වෙයි. ප්රියංකාද ඔවුන් කරන මෙම සත්කාරයට සිය කෘතවේදිත්වය පළ කර ඇත.