ප්රියංකා වෙනුවට දීපීකා අරගෙන
සිනමා නළුවෙකු මෙන්ම අධ්යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කරන ෆර්හාන් අක්තාර් මේ දිනවල සිය අලුත්ම සිනමා අධ්යක්ෂණයට සූදානම් වේ. ඒ 2011 වසරේදී නිර්මාණය කළ ‘ඩොන්’ චිත්රපට මාලාවේ තුන්වැනි චිත්රපටය සඳහාය.
මෙම චිත්රපටය 2018 වසරේ අවසන් භාගයේදී ප්රදර්ශනය කරන්නට සැලසුම් කර ඇති අතර, 2018 වසරේ මුල් භාගයේදී මෙහි රූපගත කිරීම් කටයුතු අරඹන්නට සූදානම් කර තිබේ. දැනට වාර්තා වන අන්දමට මෙහි ප්රධාන නිළි චරිතය සඳහා තෝරා ගෙන ඇත්තේ දීපිකා පදුකෝන්ය.
චිත්රපටය පිළිබඳව මුල්වරට හෙළි කළ අවස්ථාවේ ෆර්හාන් ප්රියංකා චොප්රා මෙහි ප්රධාන නිළි චරිතයට තෝරා ගන්නා බවට පැවසුවද පසුව ප්රියංකා වෙනුවට දිපීකාගේ නම යෝජනා විය. එයට හේතුව වී ඇත්තේ ‘ඩොන්’ තුන්වැනි චිත්රපටය ක්රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන්නක් බැවින් එයට හොඳම සුදුස්සා දිපීකා බව තීරණය වීමත් සමගය.