ප්‍රියංකා විවාහ වුණාට කංගනාට අප්සට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-30-ent-144

ප්‍රියංකාගේ සමිපතම මිතුරියක් වන බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත්, මේ දිනවල දැඩි කණස්සල්ලෙන් පසුවෙන බව වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ මේ දිනවල ඇමෙරිකානු මාධ්‍යය වාර්තා කර සිටින ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඇය මෙසේ කණස්සල්ලයට පත්ව සිටියි.

පසුගිය දිනවලදී බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා හා ඇයගේ වර්තමාන පෙම්වතා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් ලන්ඩනයේ විවාහ වූ පුවතක් වාර්තා වේ. ඒ පිළිබඳව ඇමෙරිකානු මාධ්‍යය සාක්ෂි සහිතව ඡායාරූප ඉදිරිපත් කර තිබෙන අතර, බොහෝ පිරිසක් පවසන්නේ ප්‍රියංකා හා නික් දෙදෙනා හොර රහසේ විවාහ වී ඇති බවය. ඇමෙරිකානු මාධ්‍යයට දොස් තබන කංගනා පවසන්නේ ප්‍රියංකා සිය විවාහය හොර රහසේ කිසිවිටකත් සිදු නොකරන බවය.