ප්‍රියංකා චොප්රා හා බිපාෂාගේ පරණ පෙම්වතා වූ ජනප්‍රිය ඉන්දීය නළු හර්මන් විවාහ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු Harman Baweja මීට දින කිහිපයකට පෙර විවාහ වී තිබෙනවා. ඔහුගේ අතගනු ලැබුවේ කාලයක් තිස්සේ ඔහු සමග ප්‍රේම සම්බන්ධයක වෙළි සිටි සාෂා රාමචන්දනි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් දෙදෙනාගේ විවාහය සමිපතම පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් සම්බන්ධ කරගනිමින් පැවැත්වීම විශේෂත්වයක්.

Harman Baweja කාලයක් ප්‍රියංකා චොප්රා සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වනු ලැබු අතර, එය 2010 වසරේ ඉතා ජනප්‍රිය ප්‍රේම කතාවක්ද වී තිබුණා. ඊට අමතරව ඔහු ප්‍රසිද්ධියේම බිපාෂා බාසුට ආදරය කර තිබෙන අතර ඇය සමඟ එකට ජිවත්ව ඇති බවත් ඇය සමඟ විවාහ ගිවසගෙන සිටි බවත් සඳහන් වෙනවා .  බේවාජා විවිහා වූ සාෂා කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක්ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔහුගේ පියා ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙක් වන Harry Baweja යි. මව සිනමා නිෂ්පාදකවරියක් වන Pammi Baweja යි.

20210401Priyanka-1 20210401Priyanka-2 20210401Priyanka-3