ප්‍රියංකා චොප්රාට් මිනී මැරුම් චෝදනාවක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-03-30-ent-25

රජත් -

2017-03-30-ent-24ආයුබෝවන් ඔබ සැම ඉතාම ආදරයෙන් ආප්කී අදාලත් (ඔබේ උසාවිය) වැඩසටහන සඳහා පිළිගන්නවා. දිල්ලී නගරය ආසන්නයේ තියෙන නගරයක් තමයි බරේයිලි කියන්නේ. ඕනම කෙනෙකුට බරේයිලිවලට යන්නේ කාරණා දෙකකටයි. එකක් තමයි එහේ තමයි ලොකුම මානසික රෝහල තියෙන්නෙ. දෙවැනි එක බරේයිලිවල තමයි මනරම් කන්පළඳින ආභරණ නිර්මාණය කරන්නේ. ඒත් අද මේ වැඩසටහනට සහභාගීවන කෙනා බරේයිලි කියන නාමය මුළු ලෝකයේම ආලෝකවත් කළා. ඇය බරේයිලි වලින් පිටත්ට ඇවිත් භාරතයේම නාමය ලොව ඉදිරියට රුගෙන ගියා. 1982 ජූලි මාසයේ 18 වැනිදා ඉපදුණු ඇය ජනප‍්‍රිය නිළියක්, ගායිකාවක්, චිත‍්‍රපට නිෂ්පාදිකාවක් විතරක් නෙවෙයි මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. 2000 වසරේදී මිස් වර්ල්ඩ් ලෙස කිරැළු පැළඳි ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ නැෂනල් අවෝර්ඩ් රාශියක්ම තමන් සතු කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි 2016 වසරේදී 04 වැනියාට ඉහළම කීර්තිමත් කෙනා වශයෙන් නම්කොට ඉන්දියානු රජය ඇයව පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් දෙනවා. ලෝකයේ ජනප‍්‍රිය සඟරාවක් වන ටයිම් සඟරාව ලෝකයට බලපෑමක් කළ හැකි අය අතුරෙන් 100 වැනි තැන ඇය බව ප‍්‍රකාශ කරලා තියෙනවා. 2010 සිට 2016 දක්වා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් යුනිසෙෆ් හි තානාපතිනියක් විදියට ඇය කටයුතු කරන අතර පරිසරය සෞඛ්‍ය හා අධ්‍යාපනය සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තානාපතිනියක් විදියට උස්සවීමක් ලැබෙනවා. ඇය මුම්බයිවලට ඇවිත් සිනමා ලෝකයම තමන් සතු කර ගත්තා. මම විත්ති කූඩුවට කැඳවනවා කෝටි ගාණක ජනතාවකගේ හද ගැස්ම, සුරෑපිනිය ප‍්‍රියංකා චොප්රා.

(පැමිණි සිටින ඇයගේ රසික පිරිස නොනවත්වා අත් පොළසන් දෙමින් විසිල් කරයි)

ඔබේ උසාවියට වැරදිකරැවන්, සාක්ෂිකරැවන්, නරඹන අය ආදි නොයෙකුත් පිරිස් පැමිණෙනවා. අද මෙම සුවිශේෂී අවස්ථාවට අපි විශේෂයෙන් ඇරයුම් කළා. විනිසුරැ විදියට හින්දුස්ථානී ටයිම්ස්හි කතුවරියක් වන සෝනල් තල්වර්. අපි ඔබේ උසාවිය ඇරුඹීමට විනිසුරැතුමා අවසරය ලබා දිය යුතුයි. විනිසුරැ - උසාවියේ වැඩකටයුතු ආරම්භ කරන්න.

 

රජත්

අද විත්ති කූඩුවට ගොඩවෙලා ඉන්නේ සුපර් ස්ටාර් ප‍්‍රියංකා චොප්රා. මුලින්ම ඇය ගැන යම් හඳුන්වා දීමක් සිදුකරන්න ඕන. දැන් ඒකටයි සූදානම්.

අද ඔබේ උසාවියේ පෙනී සිටින්නේ දෝස්තානා එකේ දේශීය කෙල්ල ප‍්‍රියංකා චොප්රා. ඇයගේ හදවත දිනාගන්න එක්කෙනෙක් නෙවෙයි නළුවන් තුන්දෙනෙක්ම ප‍්‍රයත්න දැරැවා. කාලෙකට කලින් ප‍්‍රියංකා චොප්රා රන්බීර් කපූර් සමඟ රංගනයේ යෙදුනු අන්ජානා අන්ජේනී ෆිල්ම් එක හිට් වුණා. කමීනාහි ශහීද් කපූර් සමඟ කළ ප‍්‍රියංකාගේ රංගනය ඉතා විශිෂ්ට වුණා. ෆැෂ්න් එකේ වෙනස්ම රංගනයක් ඉදිරිපත් කළා. එයට හොඳම නිළිය ලෙසින් ලබා දෙන නැෂනල් අවෝර්ඩ් එකත් හම්බ වුණා. ආරම්භයේදී ප‍්‍රියංකා චොප්රා ආක්ෂය කුමාර් සමඟින් අන්දාස්, මුජ්සේ ශාදී කරෝංගේ වගේ හිට් වුණු ෆිල්ම්වලම රඟපෑමට අවස්ථාව ලැබුණා. ඇයගේ ක‍්‍රිෂ්සහ ඩොන් පවා බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වුණා. ඇය එකකට එකක් වෙනස් චරිත ඉදිරිපත් කරමින් වාර්තා පිට වාර්තා තැබුවා.

 

2003 – හීරෝ 2003 අන්දාස් 2004 මුජ්සේ ශාදී කරෝංගේ

 

2004 ඒත් රාස් 2006 දී ඇය ජන්ප‍්‍රියම නිළියන් කිහිපදෙනා අතරට ක‍්‍රිෂ් සහ ඩොන් නිසා ඇතුළත් වුණා. 2009 දී කාමිනී 2011 සාත් ඛූන් මාෆ් 2012 බර්ෆී මේරි කොම් 2014, දිල් ධඩක්නේ දෝ 2015 සහ බාජිරා ඕ මස්ථානී 2016 ජය ගංගාජල් ඇය රඟනයේ යෙදුණු සිනමාපටවලින් කිහිපයක් විතරයි. අමෙරිකාවේ ඒබීසී රෑපවහිනි නාලිකාවේ කොන්ටිකෝ කියන විනෝද නාට්‍යමාලාවේ ඇලෙක්ස් පැරිෂ් කියන චරිතයට පනපොවමින් අමෙරිකාවේ මාලානාටකයක රංඟනයේ යෙදෙන දකුනු ආසියාවේ පළමු නිළිය බවටත් ඇය පත්වුණා.

ප‍්‍රියංකා -

හැමදේටම කලින් හැමෝටම ආයුබෝවන්. මම හිතන්නේ නගන චෝදනා ගැන ගොඩාක් බයෙන් ඉන්න එකම විත්තිකරැවා මම වෙන්න ඇති.

රජත් -

තන වාඩිවෙලා බලාගෙන ඉන්න අයත් ඔබව දැකලා ගොඩාක් බයවෙලා ඉන්නේ.

ප‍්‍රියංකා -

ස්තූතියි (හිනාවේ මහ හඬින්)

රජත් -

ප‍්‍රියංකා චොප්රාට නැගෙන පළමු චෝදනාව ඔබ හැමෝටම වඩා ලොකුම මිනීමරැවෙක් කියන එකයි. ඔබ රඟපෑ සාත් ඛූන් මාෆ් ෆිල්ම් එකේ ඔබ කිහිප දෙනෙක්ම ඝාතනය කරනවා.

ප‍්‍රියංකා -

උසාවියක් තුළදී කියන්න හොඳ නැති වුණත් මට කියන්න වෙනවා ඔව් මම පිළිගන්නවා මිනී මැරැවා කියලා. ඒත් කොහොමද කළේ?

කොයි විදියටද කළේ කියන එක ඔබට සාත් ඛූන් මාෆ් ෆිල්ම් එකක් බැලුවනම් දැකගන්න පුළුවන්. ඔබ මට සමාව දෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් මම ඒ මිනීමැරීම් හතටම සමාව දෙන ලෙස ඔබෙන් ඉල්ලනවා.