ප්‍රියංකා කලකට පස්සේ හොඳම නිළියන් අතරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1282

පෙබරවාරි 16 වැනිදා පැවැත්වෙන ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය සඳහා කලකට පසුව ප්‍රියංකා චොප්රාගේ නම යෝජනා වී ඇත. ඇය අවසන් වරට මෙම සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස නිර්දේශයට පත්ව තිබුණේ 2015 වසරේදීය. ඒ ‘මේරි කොම්’ චිත්‍රපටයේ කළ රංගනය හරහාය. මෙවර ඇය හොඳම නිළිය ලෙස නිර්දේශ වී ඇත්තේ ‘ද ස්කයි පින්ක්’ චිත්‍රපටයේ ‘අදිති චෞද්‍රිරි’ චරිතය හරහාය. කංගනා රනවුත්, ආලියා භාට්, විද්‍යා බාලන්, කරීනා කපූර් ඇය සමග මෙම සම්මානයට නිර්දේශ වී සිටින අනෙකුත් නිළියන් වෙයි.