ප්රිටි සින්ටා නිරෝධායනය වන අතරේ වගාවට..
සිය සැමියා වූ ජින් ගුඩ්නොෆ් සමගින් බොලිවුඩ් සිනමා නිළි ප්රිටි සින්ටා මේ දිනවල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ජිවත් වෙයි. ලොස් ඇන්ජලිස් නගරය මේ වනවිට මුළුමණින්ම වසා ඇති අතර, ප්රිටි ඇතුළු පවුලේ සියලු දෙනාම ස්වයං නිරෝධායනය කටයුතුවල නිරත වෙමින් සිටියි.
ප්රිටි සින්ටා මෑතකදී සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට විඩියෝවක් නිකුත් කර තිබුණ අතර, එහි දකින්නට ලැබුණේ ඇය විසින් කළ වගා කටයුතු කිහිපයකි. එම විඩියෝවේදී ප්රිටි විසින් සිටුවන ලද තාක්කාලි පැලයක ගෙඩියක් කඩමින් සිටින අතර, ප්රිටි පවසන්නේ එය රසවත් ආහාර වෙලක් සඳහා යොදා ගන්නා බවය.