ප්‍රිටි සින්ටාගේ පැරණි චිත්‍රපටයක්
2014 වසරේදී රූපගත කළ ‘බයියා ජී සුපර් හිටි’ චිත්‍රපටය ලබන ඔක්තෝබර් මස 18 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. මේ දිනවල මෙම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සිදු කෙරෙන අතර, ඊට ප්‍රීටි සින්ටාද එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඉන්දීය රුපියල් කෝටි 30ක් වැය කරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නිරාජ් පාතික් විසිනි. ප්‍රිටි සින්ටාට අමතරව, සනී ඩියොල්, අමිෂා පටෙල්, ආර්ෂාඩ් වාසී, ශ්‍රීයා තල්පාඩේ, සංජය මිස්රා වැනි ජනප්‍රිය නළුනිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙයි. හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනද ඇතුලත්ව ඇත.