ප්‍රිටි සින්ටා දකුණු අප්‍රිකාවේ ගිහින්
සිනමා රංගනයෙන් ඉවත්ව මේ වනවිට චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස කටයුතු කරන බොලිවුඩ් සිනමා නිළි ප්‍රිටි සින්ටා මේ දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින බව සඳහන් වේ. ඒ සිය සැමියා වූ ඇමෙරිකානු ජාතික ජේන් ගුඩීනෝ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමගය.
දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම වනාන්තර ආශ්රිත නගර නැරඹීමට ප්‍රිටි හා ඇගේ සැමියා වූ ජේන් දෙදෙනා ගොස් ඇති අතර, එහි ගත් ඡායාරූප රැසක් ප්‍රිටි සින්ටාගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමට ඇය විසින් එක්කොට තිබුණි. පහතින් දැක්වෙන්නේ එහි ඇය හා ඇගේ සැමියා ගත් ඡායාරූප කිහිපයකි.