ප්‍රභුදේවා පොලිස් නිලධාරියෙක් වෙයි
ප්‍රභු දේවා හා නවක නිළි නිවෙතා පිතුරාජ් රංගනයෙන් දායක වන ‘පොන් මාණික්කවේල්’ දමිල චිත්‍රපටය ජනවාරි 22 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය දකුණු ඉන්දියාවේ බිහිවූ ජනප්‍රිය පොලිස් පරික්ෂකවරයෙකු වන ‘පොන් මාණික්කවේල්’ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කර තිබෙන්නක් බව සඳහන් වේ. ප්‍රභු හා නිවෙතාට අමතරව, සුරේෂ් චන්ද්‍රන්, ජේ. මහේන්ද්‍රරන්, සූරි හා ප්‍රභාකර් යන නළුනිළියන්ද මෙහි රංගනයෙන් දායක වී ඇත. ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරනු ලැබු මෙම චිත්‍රපටය නවක නිළි නිවෙතාගේ පළමු සිනමා රංගනය වීම විශේෂත්වයකි.