ප්‍රභුදේවා නැවතත් විවාහ වෙලා
දකුණු ඉන්දීය සිනමා නළුවෙකු ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණ පසුව නර්තන අධ්‍යක්ෂවරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසද නමක් දිනාගත් ප්‍රභුදේවා වර්තමානය වනවිට චිත්‍රපට නිෂ්පාදනයටද යොමුව සිටියි.
මේ දිනවල ඔහු පිළිබඳව යළිත් ඉන්දිය සිනමා මාධ්‍යයන් ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර, ඒ ඔහු මීට මාස දෙකෙකට පෙර හදිසියේම විවාහ වී තිබිමය. ඔහුගේ අතගෙන ඇත්තේ වෛද්‍යවරියක් වන හිමානි බව වාර්තා වන අතර, එය ප්‍රභුදේවාගේ දෙවැනි විවාහයද වීඹ විශේෂත්වයකි. ඔහුගේ පළමු විවාහය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ වැඩිමහල් දියණියක් වූ රම්‍යලතා සමගින් සිදුව තිබුණ අතර, දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තාරා සමගින්ද ඔහු මීට පෙර රහස් සම්බන්ධතාවයක් පවත්වා තිබුණ බව දැන ගැනීමට ලැබේ.