ප්‍රභාහස්ට 'සර්' කියලා
‘බාහූබලි’ දෙවැනි චිත්‍රපටය අති සාර්ථක වීම හේතුවෙන් එහි හින්දි චිත්‍රපටයේ බෙදාහැරිම් කළ කරන් ජෝහර් සිය නිවසේදී මේ සඳහා උත්සවයක් සංවිධානය කර තිබුණා. ‘බාහූබලි’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිත සඳහා එක්වූ ප්‍රභාහස් හා රාණා දෙදෙනාද මෙම උත්සවයට පැමිණ සිටි අතර, ඔවුන්ට අමතරව තවත් බොලිවුඩ් තරු රැසක්ම මේ සඳහා සහභාගී වුණා.
උත්සවයට පැමිණි අර්ජූන් කපූර් හා වරූන් ධාවන් දෙදෙනාම ප්‍රභාහස්ට මෙම උත්සවයේදී ‘සර්’ කියා අමතා ඇති අතර, ප්‍රභාහස්ටද එය පුදුම සහගත දෙයක් වූ බව ඔහු මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
තමා වැනි නළුවෙකුට එවැනි උසස් මට්ටමකින් සහෝදර නළුවෙකු ආමන්ත්‍රණය කිරීම තමාට අමුත්තක් වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.