ප්රභාස්ගේ චිත්රපට තුනකට කෝටි 1000ක බරපැණක්
‘බාහුබලී’ චිත්රපට හරහා ලොවපුරා අතිශය ජනප්රිය වූ ප්රභාස් මේ දිනවල චිත්රපට තුනක් සඳහ එක්ව සිටින බව වාර්තා වෙයි. මෙම චිත්රපට අතරින් දෙකක් ලබන වසරේදී තවත් චිත්රපටයක් 2022 වසරේදීද ප්රදර්ශනය වීමට නියමිතව ඇත.
මීට දින කිහිපයකට පෙර මෙම චිත්රපට සම්බන්ධව වාර්තාවක් පළ කෙරුණ අතර. ඉන් සටහන්ව තිබුණේ මෙම චිත්රපට ත්රිත්වය සඳහා ඉන්දීය රුපියල් කෝටි 1000ක මුදලක් වැය වෙනු ඇති බවට ගණන් බලා ඇති බවය. එමෙන්ම මේ මෙම මුදල මෙම චිත්රපටය ත්රිත්වය විසින් පහසුවෙන් උපයනු ඇති බවටද මෙම තොරතුරු වාර්තා කර තිබුණි.