ප්‍රභාස්ගේ කැමැත්ත දීපිකාට සහ ආලියාටලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-21-ent-36

‘බාහුබලී’ චිත්‍රපටය ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත් ප්‍රභාස් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන ‘සාහෝ’ ලබන වසරේදී එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටය භාෂා 03කින් නිෂ්පාදනය වීමට නියමිත අතර, මේ සඳහා ඉන්දියානු කෝටි 300ක වියදමක් දරා තිබේ. මෙහි ප්‍රධාන චරිතය සඳහා ප්‍රභාස් සමගින් ශ්‍රද්ධා කපූර් දායක වනු ඇත. පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රභාස් පවසා ඇත්තේ, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ශ්‍රද්ධා වෙනුවට දීපිකා හෝ ආලියා රංගනයෙන් දායක වූවා ඔහු ඉතාමත් සතුටු වන බවයි. ඔහුගේ කැමැතිම නිළියන් දෙදෙනා මොවුන් දෙදෙනා බවද ඔහු පවසා තිබේ.