ප්‍රභාකරන්ට ගෞරව කරන්න ආ ඉන්දීය නළුවාට එරෙහිව පරීක්ෂණයක් ඇරඹෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය විකට නළුවකු වන සතීස් කුමාර් යාපනයේ, වැල්වෙටිතුරෙයි පිහිටි ප්‍රභාකරන්ගේ නිවස වෙත පැමිණ නිවසට වැඳ හඬා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සදහන්.
 
එම්. සතීස් කුමාර් යාපනයට පැමිණ 23 දා ප්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිටට ගොස් මෙසේ හඬා වැළපී ඇති බවයි පැවසෙන්නේ.
 
යාපනයේ ආරක්ෂක අංශ පැවසුවේ ප්‍රභාකරන්ගේ නිවසට යෑම සඳහා කිසිදු තහනමක් නැතත්, ඔහු මේ ස්ථානයට පැමිණියේ කවර අරමුණක් සඳහා ද, ඔහුව යාපනයට කැඳවන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.
 
මේ නළුවා පමණක් ඒ ස්ථානයට ගොස් වඳිමින් හඬමින් සිටි අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කළ පිරිස ඔහුව පිස්සෙක් ලෙස හඳුන්වා ඇති අතර ස්වල්ප වේලාවකට පසුව මේ ඉන්දීය විකට නළු සතීස් කුමාර් බව දන්නා අයෙකු එම ස්ථානයට පැමිණ ඔහුව හඳුනා ගෙන කතාබහ කර ඇති බවත් සදහන්.

20190925Praba-1