ප්‍රභාකරන් වෙනුවෙන් තැනුණ චිත්‍රපටය තහනම් වෙයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයම කතා කළ ත්‍රස්ථවාදි නායකයෙකු වන වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව අලලා මේ වනවිට දකුණු ඉන්දීය චිත්‍රපටයක් නිර්මාණය වෙමින් තිබේ. ප්‍රභාකරන් ලෙස මෙහි චරිත නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය දකුණු ඉන්දිය චිත්‍රපට කිහිපයකම රඟපෑ බොබි සිම්හාය. චිත්‍රපටයේ නම කර ඇත්තේ ‘සේරුම් පුලී’ ලෙසය.

ජී. වෙන්කේෂ් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ස්ටුඩියෝ 18 විසින් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ පැවති වසර 30ක යුද්ධය අවසන් වුයේ ප්‍රභාකරන් 2009 වසරේදී ඝාතනය කිරිමත් සමග වන අතර, මෙම චිත්‍රපටය තුළ එම සියළු සිදුවීම් අන්තර්ගත කොට ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා එල්ල වන විරෝධතාවය හේතුවෙන් මෙම චිත්‍රපට තහනම් වීමට බොහෝ ඉඩ ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

20201030Puli (1) 20201030Puli (2)