ප්රචාරක කටයුතු අස්සේ උපන්දිනය සමරයි
ජූලි 27 වැනිදාට යෙදී තිබුණ සිය 27 වැනි උපන්දිනය තම අලුත්ම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු අතරතුරදී සමරන්නට සුරූපි බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන් කටයුතු කර තිබුණි. එළැඹෙන අගෝස්තු 18 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති වූ Bareilly Ki Barfi චිත්‍රපටයේ ප්රචාරක කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, ජූලි 27 වැනිදා කොල්කටාහිදීද මෙහි ප්රචාරක කටයුත්තක් පැවැත්වීමට සංවිධානය වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්රචාරක කටයුත්ත අතරතුරදී ක්‍රිති ෂැනොන් පවා තමාගේ උපන්දිනය වෙනුවෙන් මෙවැනි පුදුම කිරීමේ සාදයක් සංවිධානය කර තිබුණ බව දැන නොසිටි අතර, එක්වරම Bareilly Ki Barfi චිත්‍රපටය අධ්‍යක්ෂක අශ්වෙන් අයියර් තිවාරි විසින් ක්‍රිතිට උපන්දින සුබපැතුම් එක් කරමින් උපන්දින කේක් එකක් ක්‍රිති පුදුමයට පත් කර ඇත. මේ සඳහා චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන අයේෂ්මන් කූරාණා, රාජ්කුමාර් රාඕ ඇතුළු පිරිසක්ද සහභාගිවී සිටියහ.