ප්‍රකෝටිපතියා වූ රැප් ගායකයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-521

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක Jay-Z, හිප් හොප් සංගීත ක්ෂේත්‍රයේ පළමු ප්‍රකෝටිපතියා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නිළ වශයෙන් නම් කර තිබේ. සංගීත, දේපල, විලාසිතා සහ ආයෝජන යන අංශ පදනම් කරගත් ගායන ශිල්පියාගේ සමස්ත වත්කම මේ වනවිට ඩොලර් බිලියනයක් යැයි සඟරාව තක්සේරු කර ඇත. එසේම ඔහුගේ බිරිඳ වන සුප්‍රකට ගායිකා බියෝන්සේගේ වත්කම ඩොලර් මිලියන 335 ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගායකයෙකු මෙන්ම බොහෝ ව්‍යාපාර වෙත යොමුව තිබෙන මොහු මේවනවිට සෑම අංශයකින්ම සාර්ථකත්වය පෙන්වා තිබේ. පසුගිය දිනක ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ “මම ව්‍යාපාරිකයෙක් නොව, මම ව්‍යාපාරයක්” යනුවෙනි. ඔහුගේ නාමය සහ ඔහු ව්‍යාපාරයක් ලෙසයි ඔහු හඳුන්වන් ලබන්න