ප්ලාස්ටික් සැත්කමක් හේතුවෙන් විකෘති වූ බොලිවුඩ් නිළිය
බොලිවුඩ් නිළියක් වන අයේෂා ටාකියා පිළිබඳව අන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ. ඒ ඇය සිදුකරගත් සැත්කමක් හේතුවෙන් ඇයව විකෘති තත්ත්වයට පත්ව ඇති බවයි. ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කී ඇය මේ වන විට නොසිතූ අත්දැකීමකට මුහුණ දී තිබේ. වසර කිහිපයක් සිනමා රංගනයෙන් ඈත්ව සිටි අයේෂා, යළි සිනමාවට එක්වීමේ අරමුණෙන් තමන්ගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන ඇති බව සඳහන් වෙයි.
එමගින් අයේෂාගේ මුහුණ නොසිතූ ආකාරයෙන් වෙනස් වී ඇති බවට ඇය විසින් ට්විටර් ගිණුමට එක් කරනු ලැබූ ඡායාරූප කදිම නිදසුනකි. මේ වනවිට 30 වැනි වියේ පසුවන ඇයගේ රුව දුටු බොහෝදෙනා කම්පාට පත්වූ බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. 2009 වර්ෂයේදී විවාහ වී, 2013 වර්ෂයේදී පුතෙකු ලැබුණු පසු ඇය සිනමාවෙන් ඉවත් වූවාය.