පළමු 'හිට්' චිත්රපටය ආක්ෂේගේ 'පෑඩ් මෑන්'
මේ වසරේ ආදායම් අතින් අති සාර්ථක වූ පළමු චිත්රපටය වන්නට ටිවින්කල් ඛන්නා අධ්යක්ෂණය කළ ‘පෑඩ් මෑන්’ චිත්රපටයට හැකි විය. මේ වනවිට ඉන්දියාවට අමතරව විදෙස් රටවල් කිහිපයක අති සාර්ථකව තිරගත වන ‘පෑඩ් මෑන්’ චිත්රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රූපියල් කෝටි 110ක මුදලක් බව සඳහන් වේ.
සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 400කට වඩා වැඩි මුදලක් උපයා ගෙන ඇතිමුත් එම චිත්රපටය නිර්මාණය කිරීම සඳහා විශාල මුදලක් වියදම් කර ඇති හෙයින් එය සාර්ථක චිත්රපටයක් නොවන බව විචාරක අදහස වී තිබේ. ‘පෑඩ් මෑන්’ චිත්රපටය නිර්මාණය කිරීම සඳහා වැය වී ඇත්තේ ඉන්දීය කෝටි 20කට වඩා අඩු මුදලක් වන අතර, ඔවුන්ගේ ලාභය ඉන්දීය රුපියල් කෝටි 90ක් බව සඳහන් වේ. මෙය ආක්ෂේගේ පළමු බොලිවුඩ් චිත්රපටය වන අතර, ‘ගෝල්ඩ්’ හා ‘2.0’ චිත්රපට ඉදිරියේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත.