පළමු දිනයේදීම කෝටි 21 උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-02

අනුරාග් සිං අධ්‍යක්ෂණය කරනු ලැබු ‘කේසාරි’ චිත්‍රපටය පසුගිය මාර්තු 21 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වූ පළමු දිනයේදීම ඉන්දියාවේ පමණක් ඉන්දිය රුපියල් කෝටි 21.5ක මුදලක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත්ව ඇත.

එය මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයක් සිය මංගල දිනයේදිම උපයාගත් ඉහළම ආදායම වේ. මේ වනවිට මුළු ලෝක පුරා ප්‍රදර්ශනය වෙමින් මෙම චිත්‍රපටය උපයාගෙන ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 50කට වැඩි බව දැන ගැනිමට ලැබේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙය ආක්ෂේගේ තවත් කෝටි 100ක් උපයාගන්නා චිත්‍රපටයක් බවය.