පළමු දිනට කෝටි 25ක් උපයයි
මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් චිත්රපට දර්ශකයේ පෙරළියක් ඇති කරමින් තිරගත වන අහමඩ් ඛාන්ගේ ‘බාගි’ දෙවැනි චිත්රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රූපියල් කෝටි 25ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. එය මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්රපටයක් සිය පළමු දිනයේදීම උපයාගත් ඉහළම ආදායම වේ.
දින තුනක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 75ක ආදායමක් උපයාගැනීමට සමත්ව ඇති මෙම චිත්රපටය කෙටි කාලයක් තුළදීම ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ සිනමා විචාරකයන් මත පළ කෙනාට ඇත. මෙම චිත්රපටයට පෙර මේ වසරේ සිය පළමු දිනයේදීම වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටය වූයේ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්රපටයයි. එය පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 24ක ආදායමක් උපයාගන්නට සමත්විය.