පළමු කෝටි 100 ‘යූරි’ චිත්‍රපටයෙන්
මේ වසරේ ඉන්දිය රුපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් පළමු චිත්‍රපටය වන්නට ආදිත්‍ය ධහර් අධ්‍යක්ෂණය කළ Uri: The Surgical Strike චිත්‍රපටය සමත්ව ඇත. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටය ජනවාරි 11 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ විය.
විකී කෞශාල්, පරේෂ් රාවල්, යමී ගෞතම්, කිර්ති කල්හාරි, රජත් කපූර් මෙහි රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 180ක ආදායමක් උපයාගෙන ඇත. විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 120ක ආදායමක් උපයාගෙන තිබීමය. මෙය මේ වසරේ බොලිවුඩයේ ප්‍රදර්ශනය වූ පළමු බොලිවුඩ් චිත්‍රපටයද වේ.