පසුතැවිලි නොවන ප්‍රියංකා
තමන්ගේ තේරීම් සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ පිළිබඳව සිතමින් සිටිනවාට වඩා අලූත් අභියෝගාත්මක මාවත් සෙවීමට ප්‍රියංකා චොප්රා ප්‍රිය කරන්නීය. කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙමින් සිටීම ඇගේ ක්‍රමය නොවේ.
ප්‍රියංකා චොප්රා දැන් හොලිවුඞ් තිරයේද නැගී එන නිළියකි. රංගන කුසලතා වේවා, මෝස්තර නිරූපණය වේවා, සමාජ සත්කාර වේවා එතැන ඇගේ නම නොමැකෙන ලෙස සටහන් වී තිබේ.
”මම හැම වෙලාවෙම හිතන්නෙ ඔබ යම් දෙයක් ගැන හීන දකිනවා නම් ඒ දේ ඔබට කරන්න පුළුවන් කියලමයි.... සමහර වෙලාවට මට ඒ දේ එහෙම පිටින්ම අයිති කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් එතෙන්ට යන අතරමගදී ඇති වෙන සම්බන්ධකම්, ලැබෙන අත්දැකීම්වලට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා....” ඇය කියන්නීය.
තමා පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන්නියක බව ඇය තදින්ම විශ්වාස කරන්නීය.
”මම තෝරා ගත්ත දේවල්, මම තියපු පියවරවල් හේතුවෙන් තමයි අද මං යම් තැනක ඉන්නවා නම් එතෙන්ට එන්න පුළුවන් වෙලා තියෙන්නේ.... මම හැම තැනදිම සාර්ථක වුණේ නැහැ. අසාර්ථක වුණ තැනුත් තිබුණා.... හැබැයි ඒවයින් තමයි මගේ වර්තමානය හැඩ ගැසුණේ. කිසිම දෙයක් නිසා මම ඒක වෙනස් කරන්නෙ නෑ....” ඇය කියයි.
ප්‍රියංකාගේ ජීවිතය වෙනස් වෙන්නට පටන් ගත්තේ අවුරුදු 17දී ලෝක රූ රැුජින ලෙස කිරුළු පැළඳීමත් සමගය. එසැණින්ම ඇයට 2003 දී බොලිවුඞ් පුරවරයේ දොරටු විවර වූයේය. ඇය දොරට වැඩියේ ”ද හීරෝ x ලව් ස්ටෝරි ඔෆ් අ ස්පයි” චිත්‍රපටියෙනි. ”දොන්”, ”ෆැෂන්”, ”7 කූන් මාෆ්”, ”බාර්ෆි”, ”මේරි කොම්”, ”බජිරා ඕ මස්තානි” ආදී චිත්‍රපටි ඇගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථාන වශයෙන් හැඳින්වීම වැරදි නැත. බ්ලෆ්මාස්ටර්, සලාම් ඊ ඉෂ්ක්, ගෝඞ් තුසී, ගේ‍්‍රට් හෝ, ද ලෙජන්ඞ් ඔෆ් ද්‍රෝණ, වට්ස් යුවර් රාෂී වැනි චිත්‍රපටිවලින් ඇය ආපස්සට ගිය බැව් හැබෑවකි.
ඉන් මයි සිටි, එක්සෝටික් වැනි ගීත තුළින් ඇය සංගීත ලෝකයට පිවිසුණේ ඇය සිනමා ලෝකයේ ඉහළම තලයේ වැජඹෙන අතරය. ඇමෙරිකානු රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ක්වාන්ටිකෝ හි චරිතයක් ලබන්නට තරම් ඇය වාසනාවන්ත වූවාය. එහි විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් ඇයට ජනප්‍රිය සම්මාන දෙකක් ද ලැබිණි. ළඟදීම ඇය හොලිවුඞ් ලෝකයට ද පිවිසෙන්නීය. ඒ බේවොච් චිත්‍රපටියේ දුෂ්ට චරිතයක් රඟ පාමිනි.
”මම අසාර්ථක වෙන්න කැමති නැහැ.... අසාර්ථක වුණොත් මම ඒක ගැන හිත හිතා කරදර වෙන්නෙත් නෑ.... හොඳට පොරවාගෙන ඇඳට වෙලා ඉඳලා, අයිස්ක්‍රීම් පෙට්ටියක් කාලා ඒක එතනින් ඉවර කරනවා. ඊට පස්සෙ හැම දේම අලූතෙන් පටන් ගන්නවා. මම හැමදාම අලූත් දේවල් කරන්න තමයි කැමති. ඒ හැම වෙලාවෙම හිත යට ලොකු බයකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් ඒ බය හරියට මගෙ යාළුවෙක් වගේ ළඟින් ඉන්නවා....” ඇය කියන්නීය.