පසුගිය වසර 10ම අයිති ඛාන්ලාට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-41

ප්‍රකට ‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට පසුගිය දස වසරක කාලය බොලිවුඩ් සිනමාව තුළ ප්‍රමුඛත්වය ‘ඛාන්’ නළුවන්ට ලැබි ඇති බවය. 2007 වසරේ සිට නිමාවූ 2017 වසර තෙක් තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩි ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත්තේ ‘ඛාන්’ නළුවන්ගේ චිත්‍රපට බව මෙම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

2007 වසරේ ඉහළම ආදායමක් දිනාගන්නට සමත්ව ඇත්තේ ෂාරුක් ඛාන්ගේ ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයයි. 2008 වසරේදී අමිර් ඛාන්ගේ ‘ගජනි’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් පෙරමුණ ගනිද්දි 2009 වසරේදී ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ ‘ත්‍රි ඉඩියට්ස්’ චිත්‍රපටය ඉහළම ආදායම උපයාගන්නට සමත්ව තිබුණි. 2010 වසරේ වැඩිම අදායමක් උපයාගත් චිත්‍රපටය වූයේ සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්‍රපටයයි.

2011 වසරේ සල්මාන් ඛාන්ගේ ‘බොඩිගාඩ්’ චිත්‍රපටයද 2012 වසරේ ඔහුගේම ‘එක් තා ටයිගර්’ චිත්‍රපටයද වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට වූ අතර, 2013 වසරේදී නැවත වරක් අමිර් ඛාන්ගේ ‘ඩූම් 3’ චිත්‍රපටය ඉහළම ආදායම උපයාගන්නට සමත් විය. 2014 වසරේ අමිර්ගේ ‘පීකේ’, 2015 වසරේ සල්මාන්ගේ ‘බජිරංගි බහිජාන්’ 2016 වසරේ අමිර්ගේ ‘දංගල්’ හා 2017 වසරේ සල්මාන්ගේ ‘ටයිගර් සින්දා හේ’ මෙසේ ආදායම් උපයා ගැනීම අතින් පෙරමුණ ගැනීමට සමත් විය.