පවුලේ කට්ටියගේ චිත්‍රපටයක් ආයෙත්
අතිශය ජනප්‍රිය වූ ‘යමලා පග්ලා දිවානි’ චිත්‍රපටයේ තුන්වැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට සැලසුම් කරමින් සිටින බව එම චිත්‍රපටය නිෂ්පාදනය කරන හින්දි සිනමා නළු ධර්මේන්ද්‍ර පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවියකට පවසා සිටියා.
මෙවර නිර්මාණය කරන ‘යමලා පග්ලා දිවානි’ චිත්‍රපටයේද ප්‍රධාන චරිත සනි ඩියෝල්, ධර්මේන්ද්‍ර හා බොබි ඩියොල් ලැබි ඇති බව ධර්මේන්ද්‍ර පවසා තිබෙනවා. ධර්මේන්ද්‍ර පවසන අන්දමට පළමු හා දෙවැනි චිත්‍රපට ජනප්‍රිය වූ නිසාම තමා තුන්වැන්නක්ද නිෂ්පාදනය කිරීමට කලකට සිට බලාපොරොත්තුවෙන් පසුවූ බවයි. ධර්මේන්ද්‍රගේ දියණිය ඊෂා ඩියෝල්ද සිය නවතම චිත්‍රපටය සඳහා එක් කරගැනීමට බලාපොරොත්තු වෙන බව ඔහු පවසා තිබෙනවා.