පවුලේ අයත් එක්ක ප්රියංකා උපන්දිනය සමරයි
ජූලි 18 වැනිදාට යෙදී තිබුණ ප්රියංකා චොප්රාගේ 35 වැනි උපන්දිනය ඇය සිය පවුලේ උදවිය සමගින් සැමරූ බව සඳහන් වේ. දිගින් දිගටම සිය නවතම හොලිවුඩ් චිත්රපටයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටි ඇය ඉතා කෙටි නිවාඩුවක් ලබාගනිමින් සිය පවුලේ අය මුණගැසීමට ඉන්දියාවට පසුගිය දිනෙක පැමිණ තිබුණි.
ඇයගේ පවුලේ උදවිය සමගින් මුම්බායිහි මුහුදු වෙරළේදී ඇයගේ උපන්දිනය චාම්ව සමරන්නට වූ අතර, එදින රාත්රියම ඇය සිය පවුලේ සාමාජිකයන් සමග මුම්බායි මුහුදු වෙරළේ හා ඉන් පසුව මුම්බායිහි "ටාජ්" සුපිරි හෝටලයේදීද ගත කර තිබුණි. සිය උපන්දිනය නිසාවෙන් ඇයට ජූලි 17 වැනිදා ඇමෙරිකාවේ පැවැති "අයිෆා" සිනමා සම්මාන උලෙළටද සහභාගී වීමට නොහැකි විය.