පරිසරය වෙනුවෙන් කපිල් ශර්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-ent-02

‘‘තමන් යන හැම තැනකම පැලයක් හිටවලා එන්න.. මෙතන පැල හිටවලා මට ලැබෙන ප‍්‍රතිලාභය මොකක්ද කියලා කවදාවත්ම හිතන්න එපා.. ඒක අනාගත පරපුර වෙනුවෙන් කරන ලොකු සේවයක්.. මම අම්රිත්සාර්, මනාලි, දාල්හවුසී වගේ මං ගිය හැම තැනකම පැල හිටෙව්වා.. සමහර විට මං ආය කවදාවත් ඒ තැන්වලට නොයන්නත් පුළුවන්.. ඒත් ඒ පැල කවදා හරි ලොකු ගස් වෙලා කාට හරි සෙවණ දෙයි කියලා හිතන එකත් ලොකු තෘප්තියක්..’’

ප‍්‍රහසන නළුවෙකු ලෙස වැඩි ප‍්‍රසිද්ධියක් උසුලන කපිල් ශර්මා එසේ පැවසුවේ පරිසරය සුරැුකීම වෙනුවෙන් සංවිධානය කර තිබු මැරතන් ධාවන තර`ගයකදීය. ගී‍්‍රන් මැරතන් යනුවෙන් නම් කර තිබූ එම තර`ගයේ කපිල් ශර්මා ද කොටස්කරුවෙකු වූයේය. එවන් තර`ගයක කි‍්‍රඩකයෙකු වෙන්නට තරම් නීරෝගී සිරුරක් තමාට තිබීම පිළිබ`දව ඔහු ස්තුතිවන්ත වෙන්නේ පරිසරයටය. තමා අවට පරිසරය පිරිසිදුනම්, පි‍්‍රයමනාපනම් ඕනෑම කෙනෙකු ශාරිරිකව හා මානසිකව නීරෝගි වන බැව් ඔහු අදහන්නේය. එය අනාගත පරපුරටත් දායාද කිරීම හැම පුරවැසියෙකුගේම යුතුකමකි. එම නිසා පරිසරය වෙනුවෙන් වෙන කිසිම දෙයක් කරන්නට බැරි නම් අඩුම වශයෙන් ගසක් හෝ සිටුවන ලෙස ඔහු හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේය.