පරිනීතිට පොලිස් ආරක්ෂාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-27-ent-08

සන්දීප් ඕර් පින්කි ෆරාර් චිත‍්‍රපටියේ රඟ පාන්නේ පරිනීති චොප්රා සහ අර්ජුන් කපුර්ය, දිල්ලියේ සහ ගුර්ගාඩන් ප‍්‍රදේශයේ මෙම චිත‍්‍රපටිය රූගත කරනු ලබන අතර නළු නිළියන් බලන්නට එන රසිකයන්ට පරිනීතිගේ මුහුණ දකින්නටවත් හැකි වූයේ නැත.

ගුර්ගාඩන් හි ‘ලා ලැගුනේ’ නිවාස සංකීර්ණය අවට පෙදෙස සාමාන්‍ය දිනවලදී බොහෝ නිස්කලංකය. සන්දීප් ඕර් පින්කි චිත‍්‍රපටියේ දර්ශන කිහිපයක් මේ නිවාස සංකීර්ණය අවට රඟ දැක්වුණේ පොලිස් ආරක්ෂාවද ඇතිවය. මෙහි අර්ජුන් රඟපාන්නේත් පොලිස් නිලධාරියෙකුගේ චරිතයකි. දිල්ලියේ වාසය කරන බොහෝ සහයෝගශීලි ගෘහණියකගේ චරිතය පරිනීති රඟපාන්නීය.

නිවාස සංකීර්ණයේ එක් නිවසක් තුළ පරිනීතිගේ දර්ශනයක් රූගත කිරීමට නියමිතව ඇති බැව් නිවැසියෝ දැන සිටියහ.

‘අපි බලාගෙන හිටියෙ පරිනීතිව හැබෑවටම දැක ගන්න පොඩි අය එයා එක්ක සෙල්ෆි ගන්නත් හරි ආසාවෙන් බලාගෙන හිටියා. ඒත් එයා වාහනෙන් බැස්සෙ ගේ ළඟටම ගියාට පස්සෙ. ගේට්ටුව ළඟ පොලිස් වෑන් එකක් නතර කරලා තිබුණා. කාටවත් එතනින් එහාට යන්න දුන්නේ නෑ. නිවාස සංකීර්ණයේ ආරක්ෂකයොත් වෙනදට වැඩිය පරීක්ෂාකාරී වුණා. අන්තිමේදී පැය දෙකක් විතර ෂූටින් කරලා පරිනීති ආව විදියටම යන්න ගියා. අපිට එයාගෙ හෙවනැල්ලක්වත් දකින්න ලැබුණෙ නෑ’’

නිවැසියෙක් නොක්කාඩු කීවේ දොම්නසිනි.

අපි එහෙම කළේ රසිකයෝ පරිනීතිව වට කර ගන්න එක වළක්වා ගන්න’’

චිත‍්‍රපටි කණ්ඩායමේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

‘‘නළු නිළියන්ගෙ ජනප‍්‍රියත්වය රැුඳිල තියෙන්නෙ රසිකයන්ගෙ කැමැත්ත උඩ කියල අමතක කරන එක වැරදියි’’

සමහරු කියන්නේ එසේය.