පරිනීතිට ගොඩ යන්න අවස්ථාවක්
දිගින් දිගටම අසාර්ථක චිත්‍රපටවලට දායක වෙමින් සිටින පරිනීති චොප්රාට සිය නැතිවුණ සාර්ථකත්වය නැවත ලඟා කර ගත හැකි චිත්‍රපටයක් ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ලබන වසරේ මාර්තු 21 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත අනුරාග් සිං අධ්‍යක්ෂණය කරන ‘කේසාරි’ චිත්‍රපටයයි.
පරිනීති මෙම චිත්‍රපටයේ ජනප්‍රිය බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් සමග ප්‍රධාන චරිත නිරූපණය කරයි. ආක්ෂේ අවසන් වරට රංගනයෙන් දායක වූ ‘2.0’, ‘ගෝල්ඩ්’, ‘පැඩ්මැන්’, ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’, ‘ජොලි එල්එල්බි’ දෙවැන්න, ‘රස්තම්’, ‘හවුස්ෆුල්’ තුන්වැන්න චිත්‍රපට සියල්ලම ඉන්දීය රුපියල් කෝටි සියයකට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් විය.