පරිනීති චොප්රා බැඞ්මින්ටන් කි‍්‍රඩාවට
ක්‍රීඩා තරුවල චරිත කතා ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටි බොලිවුඞ් ක්ෂේත්රයේ බහුලය. මේ දිනවල අමෝල් ගුප්තා සැලසුම් කරමින් සිටින්නේ ජාතික බැඞ්මින්ටන් ශූරියක වන සයිනා නේවල්ගේ චරිතය චිත්‍රපටියට න`ගන්නටය. පරිනීති චොප්රා සයිනා ගේ චරිතය ර`ග පාන්නට නියමිතය. ඒ ස`දහා කී‍්‍රඩිකාවකගේ බදු සිරුරක් සකස් කර ගැනීම ස`දහා ඇය ආහාර පාලනය කරන අතර බැඞ්මින්ටන් පුහුණුව ද ලබන්නීය. අන්දේරි කි‍්‍රඩා සංකීර්ණයේදී ඇයට බැඞ්මින්ටන් පුහුණුව ලබා දෙන්නේ සයිනාගේම පුහුණුකරු වීම විශේෂත්වයකි.
‘‘සයිනා පිත්ත අල්ලා ගන්න විදිය, අත හසුරුවන විදිය, කකුල් හසුරුවන විදිය මම ඉගෙන ගන්නෙ ඇගේ කී‍්‍රඩා තර`ගවල වීඩියෝ දර්ශන බලලා..’’ පරිනීති කියන්නීය.
සයිනා ගේ චරිතයට මුලින් තෝරගෙන සිටියේ ශ්‍රද්ධා කපූර්ය. ඇය ද කි‍්‍රඩා පුහුණුව ලබමින් සිටියත් සෞඛ්‍ය හේතු මත ඉන් ඉවත් වෙන්නට ඇයට සිදු වූයේය.
මෙම චිත්‍රපටිය 2020 දී තිරගත වෙන්නට නියමිතය.