පරිනීති චොප්රා බර අඩු කරගෙන හැඩ වූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-22-ent-41

‘‘අපෝ.. ඔයා පුදුම විදියට මහත් වෙලානෙ..’’

එසේ කීම කාන්තාවකගේ සිත රිද්දන්නට හො`දටම ප‍්‍රමාණවත්ය. ඔවුහු මහත් වෙන්නට ඒ තරමටම අකැමැති වෙති. සිරුර ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු රංගන ක්ෂේත‍්‍රයේ කාන්තාවන්ට මහත් වීම යනු පෞද්ගලික ජීවිතයට පමණක් නොව වෘත්තීය ජීවිතයටත් බලපෑම් ඇති කරවන්නකි. පරිනීති චොප්රාටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේය. 
පරිනීති චොප්රා සිය ආහාර පුරුදු ගැන එතරම් අවධානයක් යොමු කළ තැනැත්තියක නොවේ. ඇය අතට අසු වන දේවල් ඔහේ කෑවාය. ඒ පිළිබ`දව සරදම් කරන අයත් සම`ග එකතු වී තමාටම සිනාසුණාය. ක්ෂේත‍්‍රයට පැමිණියාට පසුව ඇය එක පිට එක ලැබුණ චිත‍්‍රපටි බාර ගත්තා මිසක සිරුර ගැන සිතුවේ නැත. ඇය ඒ පිළිබ`දව සිතන්නට පටන් ගත්තේ තමා සතු ඇ`දුම් අ`දින්නට නොහැකි තරමට හිර වෙමින් පවතින බව වැටහුණ විටදීය. 
ක්ෂේත‍්‍රයට පය තැබූ දා සිටම ඇය දක්ෂ රංගන ශිල්පිනියක ලෙස නමක් දිනා ගත්තාය. මෙවර ඇය ජනපි‍්‍රයත්වයට පත්ව සිටින්නේ ඉතා දක්ෂ ලෙස බර අඩු කරගෙන සිරුරේ හැඩය රැුක ගැනීම පිළිබ`දවය.
2018-10-22-ent-42
 
‘‘මම හරි ඉක්මනට මහත් වෙන කෙනෙක්.. ඒ වගේම මම ව්‍යායාම කරන්නත් හරි කම්මැලියි.. ඒත් මගේ ඇ`දුම්වල ප‍්‍රමාණය 38 දක්වා වැඩි වෙද්දී මටම දැනුණා මම මහත වැඩියි කියලා.. කොහොම හරි මහන්සි වෙලා මම 30 ප‍්‍රමාණයට සිරුර අඩු කර ගත්තා..’’
පරිනීති පැවසුවේ බොහෝ සතුටිනි. 
ඇගේ ආහාර රටාව ගැන බොහෝ දෙනෙකු විමසන බැවින් ඇය එය අන්තර්ජාලයේ පළ කර තිබිණි. 
අවදි වූ විගස- දෙහි මුසු කළ ම`ද උණුසුම් වතුර කෝප්පයක්
උදේ ආහාරය- තැම්බූ බිත්තර දෙකක සුදු මද, දුඹුරු පාන් සහ මේද රහිත කිරි කෝප්පයක් 
දිවා ආහාරය- රතු බත් හෝ රොටී සම`ග පරිප්පු සහ එළවළු
සවස- මේද රහිත යෝගට් එකක් හෝ කොළ පැහැති තේ
රාති‍්‍ර ආහාරය- එළවළු, මේද රහිත කිරි, මේදය අඩු ආහාර වර්ග, ඉ`ද හිට චොකලට් පානයක් 
මෙබ`දු ආහාර රටාවක් අනුගමනය කරන අතරම ඇය ව්‍යායාම ද කරන්නට පටන් ගත්තාය. මුල් කාලයේ එයට බොහෝ කම්මැලි වුව ද පුරුදු වෙද්දී ව්‍යායාම ඇගේ හො`දම මිතුරා බවට පත් වූයේය. අද ඇය ගේ සුන්දර පෙනුම දකිද්දි හැම දෙනෙක්ම පුදුමයට පත් වෙති.
 
චන්දි කොඩිකාර