පරිනීති ගීත ගායනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-04-ent-22

ජනප්‍රිය බොලිවුඩ් යොවුන් සිනමා නිළි පරිනීති චොප්රා ගීත ගායනයට යොමුව ඇතැයි වාර්තා වේ. මෙසේ ඇය ගීත ගායනයට යොමුව ඇත්තේ ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වන ‘මෙරේ ප්‍යාර් කී බින්දු’ චිත්‍රපටයේය. ඇය එහි ඇතුළත් ‘මනා කේ හම් යාර්’ ගීතය ගායනා කරන්නීය. පරිනීති ‘මෙරේ ප්‍යාර් කී බින්දු’ චිත්‍රපටය තුළින් සිය රසික පිරිස් මුණගැසෙන්නේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි. ඇය අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2014 වසරේදී තිරගත වූ ‘කිල් බිල්’ චිත්‍රපටයේය. එහි ඇය රන්වීර් සිං සමගින් ප්‍රධාන චරිත නිරූපණය කළාය.