පරිනීතාට නරක කාලයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-07-ent-05

2011 වසරේදී බොලිවුඩ් සිනමාවට පිවිසි පරිනීති චොප්රා මේ දක්වා රංගනයෙන් දායක වී ඇත්තේ බොලිවුඩ් චිත්‍රපට 08ක් වැනි සුළු ප්‍රමාණයකටයි. වසර තුනකට පසුව ඇය මේ වසරේ සිය සිනමා ප්‍රේක්ෂකයන් හමුවුයේ ‘මෙරි ප්‍යාර් බින්දු’ චිත්‍රපටය තුළින්.

බොලිවුඩ් සිනමාවට පැමිණි ‘ලේඩිස් වස් රිකි බාල්’ හා ඉන් පසුව පරිනීති චොප්රා රඟපෑ ‘ඉෂ්ක්ෂාඩේ’ චිත්‍රපට පමණක් සාර්ථක වූ අතර, ‘මෙරේ ප්‍යාර් බින්දු’ චිත්‍රපටය ඇතුළු පරිනීති රඟපෑ අනෙකුත් සියලු චිත්‍රපට අසාර්ථක ඒවා වුණා. සමහරක් චිත්‍රපට සිය වියදම් වූ මුදල පවා උපයා ගන්නට අසමත් වී තිබුණා.