'පරමාණු' ගැන ජෝන් කියන කතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-16-ent-151

මැයි මස 25 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘පරමාණු - ද ස්ටෝරි ඔෆ් පොක්රාන්’ චිත්‍රපටය පාකිස්තානු යුදහමුදාව ඉලක්ක කරගෙන තැපු නිර්මාණයක් නොවන බව එහි නිෂ්පාදක මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය නිරූපණය කරන ජෝන් ඒබ්‍ර්හිම් මාධ්‍යය අමතමින් පවසා ඇත. එමෙන්ම ඔහු මෙම චිත්‍රපටයේ සිනමා ශාලා 300ක ප්‍රදර්ශනය කරන්නටත් අයිතිය ලබාගෙන තිබෙන බව සඳහන් වේ.

පාකිස්තානු යුදහමුදාව විසින් ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කරගෙන දියත් කරන විෂවායු සහිත මිසයිල කිහිපයක් පිළිබඳව මෙහි කතාව නිර්මාණය වී තිබේ. ඉතා විශාල මුදලක් දරා නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය මැයි මාසයේ තිරගත වෙන සුපිරිතම බොලිවුඩ් චිත්‍රපටයකි. ජෝන් ඒබ්‍ර්හිම්ට අමතරව, ඩයනා පේන්ට්, බෝමන් ඉරානි ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.