පන්ජාබයෙන් බොලිවුඩයට අලුත් තරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-20-ent-177

බොලිවුඩ් සිනමාවේ බොහෝ ප්‍රසිද්ධියට පත් නවක නිළියන් සක්‍රමණිකයන් බවයි බොහෝදෙනා පවසන්නේ. එයට හේතුව වන්නේ බොලිවුඩ් නිළියන් ලෙස කිරුළ පැලැඳ සිටින ඔවුන් පැමිණ ඇත්තේ වෙනත් සිනමා කර්මාන්ත වලින් වීමයි. මෙහි අලුත්ම පුවත වන්නේ පන්ජාබ් සිනමා නිළියක වන ඉහානා ධිලොන් බොලිවුඩ් සිනමාවට පා තබන්නට සූදානම් වීමයි. ‘‘ඩැඩි කූල් මුන්ඩේ ෆූල්’ සහ ‘ටයිගර්’ යන පන්ජාබ් චිත්‍රපටවල රඟපෑ මේ සුරූපිනිය බොලිවුඩ් පුරයට පා තබන්නේ ‘‘හේට් ස්ටෝරි’ චිත්‍රපට මාලාවේ සිව්වැන්න සමගිනි. මේ පිළිබඳව පසුගිය දිනක රූපවාහිනී සාකච්ඡාවේදී ඉහානා පැවසුවේ, ‘‘හේට් ස්ටෝරි’ සඳහා ඇයට අවස්ථාවක් උදා වූ නමුත් ඇය මේ සඳහා මුලින් කැමැත්තක් නොදැක්වූ බවයි. එයට හේතුව වූයේ ඇයට ලැබී ඇති චරිතය නිසාවෙනි.

නමුත් ඇයට ලැබුණු දෙවැනි ආරාධනාවෙන් පසු එම චරිතය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ඉන්පසුව මෙම සිනමා නිර්මාණයට කැමැත්ත පළකර ඇති බව ඉහානා පවසා තිබේ. විශාල් පාණ්ඩ්‍යා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ශෘංගාරාත්මක තේමාවකින් යුතු බවයි පැවසෙන්නේ. චිත්‍රපටයේ රූගත කිරීම් මේ මාසයේදී ඇරඹීමට නියමිතයි.

 

2017-09-20-ent-178