පදුකෝන් පවුල ආඩම්බර වෙලා
පද්මාවත් චිත්‍රපටිය නිසා දිපිකා පදුකෝන්ට මුහුණ දෙන්නට සිදු වු කරදර නිමක් නැත. ඇයට මරණ තර්ජනවලට පවා මුහුණ දෙන්නට සිදු වුයේය. එහෙත් චිත්‍රපටිය සාර්ථකව තිරගත වූවා පමණක් නොව ඇය බොලිවුඩයේ පළමු සුපිරි වීරවරිය ලෙස මෑතදී ලැබුණ වාර්තාවලින් පසුව හැ`දින්වෙන්නට පටන් ගත්තේය. ඒ පිළිබ`දව බොහෝ සතුටින් පසු වෙද්දී ඔවුන්ගේ සතුට දෙගුණ වෙන තවත් අවස්ථාවක් උදා වුයේය. ඒ දීපිකා ගේ පියා වන ජාතික මට්ටමේ බැඞ්මින්ටන් කි‍්‍රඩක ප්‍රකාශ් පදුකෝන්ට ඉන්දියානු බැඞ්මින්ටන් සංගමයෙන් සම්මානයක් පිරිනමනු ලැබීමයි. මෙම සම්මානය ප්‍රකාශ්ට හිමි වූයේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව වෙනුවෙන් කරන ලද කැප වීම වෙනුවෙනි. එය හිමි වන්නේ ජීවිත කාලයටම එක් වරක් පමණකි.
මෙම අවස්ථාවට සහභාගි වීම පිණිස අම්මා සහ නංගී සම`ග දීපිකාත් දිල්ලියට ගියාය. ඔවුන් තිදෙනාම සාම්ප්‍රදායික ඉන්දියානු සාරිවලින් සැරසී සිටිම සියලූ දෙනාගේම අවධානයට ලක් වූයේය.
ප්‍රකාශ් පදුකෝන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පතමින් දීපිකා බොහෝ හැ`ගුම්බර ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඇය එහි ස`දහන් කර තිබුණේ ඇයට මෙතෙක් හමු වූ ආදරණීයම හා පිරිසිදුම හදවත හිමි සිය පියාට බවය.