පද්මාවතීට මැලේසියාවෙනුත් තහංචි
බොහෝ ආන්දෝලනයට තුඩු දීමෙන් අනතුරුව පද්මාවත් ලෙසින් නමත් වෙනස් කරගෙන ජනවාරි 25 දා ප්‍රදර්ශනය ඇරඹූ පද්මාවතී චිත්‍රපටිය මැලේසියාවේ ප්‍රදර්ශනය තහනම් කර තිබේ. 16 වන සිය වසේ ජීවත් වූ මලික් මොහමඞ් ජායසී නමැති කවියාගේ පද්මාවතී කාව්‍ය ග්‍රන්ථය පදනම් කරගෙන එම චිත්‍රපටිය නිර්මාණය කරනු ලැබුවේ සංජේ ලීලා බන්සාලි විසිනි. එයින් රාජ්පුත් වරුන්ගේ අභිමානයට හානියක් සිදු වූයේයයි මතය නිසා රාජ්පුත්හි කර්නි සේනා නමැති සංස්කෘතික සංවිධානයෙන් එල්ල වූ විරෝධතා අසීමිතය. එය තිරගත කිරීම ඇරඹුවේ බොහෝ වෙහෙස දැරීමෙන් අනතුරුවය.
තිරගත කිරීමෙන් පසුව එයට ලැබෙන ප්‍රතිචාරත් පරස්පර විරෝධීය. සමහරු එය හො`ද බව පිළි ගන්නා නමුත් සමහරු කියන්නේ සිතූ තරම් සාර්ථක නැති බවය. අලව්දීන් ඛිල්ජී ලෙස ර`ග පාන රන්වීර් සිං යකෙකු ලෙස වෙස් ගන්වා තිබීම ඔවුන්ගේ අප්‍රසාදයට හේතු වී තිබේ. මේ අතර බොලිවුඞ් නිළියක වන ස්වරා බාස්කර් විසින් පද්මාවත් චිත්‍රපටිය නරඹා ලියන ලද විවෘත ලිපියක් ගැන ද බොහෝ දෙනෙක් සිය මත පල කරමින් සිටිති.
‘‘දෙවියන්ගෙ නාමෙට දැන්වත් පද්මාවතිට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න.. ඒක අපේ චිත්‍රපටියක්.. ඇයි අපේම චත්රපටියකට අපි මේ තරම් ගරහන්නෙ..?’’එසේ අසන්නේ චිත්‍රපටි නිෂ්පාදක රෝහිත් ෂෙට්ටිය.
මැලේසියාවේ ප්‍රසිද්ධ රැු`ගුම් පාලක මණ්ඩලය විසින් පද්මාවත් තිරගත කිරීම තහනම් කර ඇත්තේ එහි කතාව ඉස්ලාම් ආගමේ සංවේදී තැන් ස්පර්ශ කරන බැව් හුවා දක්වමිනි. මුස්ලිම් බහුතරයක් සහිත රටක එය බරපතල ප්‍රශ්නයක් විය හැකි බැව් රැු`ගුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. මැලේසියාව කොහොමත් චිත්‍රපටි තහනම් කරන්නට නම් දැරූ රටකි. වෙනත් රටවල ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වූ චිත්‍රපටි මැලේසියාවේ තිරගත නොවුණේ එබැවිනි. ඩිස්නිගේ බියුටි ඇන්ඞ් ද බීස්ට් චිත්‍රපටිය තහනම් වූයේ එහි සමලිංගික දර්ශන ඇති නිසාය. නෝ ෆයර් සෝන්. ද කිලින් ෆීල්ඞ් ඔෆ් ශී‍්‍ර ලංකා නමැති වාර්තා චිත්‍රපටිය පෞද්ගලිකව තිරගත කළ ලීනා හෙන්ඩි්රට පසු ගිය වසරේ නඩු පැවරිණි. මෙවන් හේතු නිසාම මැලේසියානු රැු`ගුම් පාලක මණ්ඩලය කි‍්‍රයා කරන්නේ අත්තනෝමතික ලෙසයයි චෝදනාව එල්ල වී තිබේ.
මොන බාධක මැද්දේ වුව ද චිත්‍රපටිය සාර්ථකව තිරගත වෙමින් පවතින බැව් නිෂ්පාදකයෝ කියති. දින හතරක් ඇතුළත එහි ආදායම රුපියල් කෝටි 110 ක් ඉක්මවා තිබිණි.