පද්මාවතීට තවමත් අතවර
පද්මාවතී චිත‍්‍රපටියට කර්නිසේනා සංවිධානයෙන් එල්ල වන බලපෑම් තවමත් අඩු නොවීම නිසා එය නිර්මාණය කළ සංජේ ලීලා බන්සාලි සිටින්නේ කනස්සල්ලෙනි. ඓතිහාසික චිත‍්‍රපටියක් නිර්මාණය කිරීම අසීරුවූත්, වියදම් අධිකවූත් කටයුත්තකි. එහෙත් කර්නිසේනා සංවිධානය ඒ පිළිබඳව මඳ අවධානයක්වත් යොමු කර නැත. ඔවුන්ගේ විරෝධතාව නිසාම චිත‍්‍රපටි සහතික නිකුත් කිරීමේ මණ්ඩලය විසින් චිත‍්‍රපටියේ නම වෙනස් කරන්නට සහ දර්ශන කිහිපයක් ඉවත් කරන්නට අණ කරනු ලැබිණි. ඒ අනුව පද්මාවතී වෙනුවට පද්මාවත් යනුවෙන් යෙදුවත් කර්නිසේනා සංවිධානය සෑහීමකට පත් වී නැත. ඔවුන් කියන්නේ චිත‍්‍රපටිය මුළුමනින්ම තහනම් කළ යුතු බවය.
‘‘මේක මහ විකාර වගේම ද්වේෂ සහගත ඉල්ලීමක් කියලයි අපිට නම් හිතෙන්නේ... මිනිස්සුන්ගේ නිර්මාණශීලී බව විනාශ කරන්න මොකක්ද කර්නිසේනාවට තියෙන අයිතිය...? චිත‍්‍රපටිය හොඳ නැත්නම් ඒ ගැන කි‍්‍රයාකරන්න රටේ නීතියක්් තියෙනවනේ... ඒ නීතිය වෙන කවුරුවත් අතට ගන්න වුවමනාවක් නෑනේ...’’ ආවේගශීලී රසිකයෝ පවසති.