පද්මාවතීට කරදරයක් නැතිලූ
සන්ජේ ලීලා බන්සාලි ගේ පද්මාවතී චිත‍්‍රපටිය ආරම්භයේ සිටම නොයෙකුත් හැලහැප්පීම්වලට බ`දුන් වුයේය. රාජ්පුත් කර්ණි සේනා නැමැති සමාජ සංවිධානය පවා රූගත කරන ස්ථානයට කඩා වැදී චිත‍්‍රපටි කණ්ඩායමට අඩන්තේට්ටම් කළේය. අවසානයේදි චිත‍්‍රපටියේ යම් යම් වෙනස්කම් කරන්නට ද බන්සාලිට සිදු වූයේය. චිත‍්‍රපටිය තිරගත කරන්නට නොහැකි වනු ඇතැයි සැකය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ සිත් තුළ තිබිණි.
එහෙත් තොරතුරු හා මාධ්‍ය ඇමතිනි ස්මිර්ති ඉරානි මේ මෑතකදී පැවසුවේ කිසිදු අවහිරයකින් තොරව එය තිරගත කරන්නට ඉඩ ලැබෙනු ඇති බවය. එයට දේශපාලන බලපෑමක් එල්ල වෙන බව කරන් ජෝහාර් විසින් කරන ලද චෝදනාව සත්‍යයක් නොවන බව ද ඇය පැවසුවාය. මේ වන විට සන්ජේ ලීලා බන්සාලි එහි ප‍්‍රචාරක කටයුතු ද අරඹා තිබේ.