පද්මාවතීට ආයෙමත් ප‍්‍රශ්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-23-ent-13

13 වන ශත වර්ෂයේ සිටි රාජ්පුත් රැුජනක වන පද්මාවතී ගේ චරිතය පදනම් කරගෙන සන්ජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන ලද පද්මාවතී චිත‍්‍රපටිය රූගත කරන්නට පටන් ගත් දා සිටම ඇති වූයේ ගැටළුමය. රාජ්පුත්හි සංස්කෘතික සංවිධානයක් වන කර්නි සේනා විසින් මුල සිටම කියන ලද්දේ එම චිත‍්‍රපටියෙන් ඉතිහාසය විනාශ වන බවය. එම නිසාම ඔවුහු දිගින්දිගටම එයට විරෝධතා දැක්වූහ. එහෙත් විරෝධතාකරුවන්ට වුවමනා යම් යම් වෙනස්කම් කිරීමෙන් අනතුරුව නිෂ්පාදකයෝ චිත‍්‍රපටිය නිර්මාණය කළහ. දැන් එය තිරගත කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ඔවුහු නැවතත් උද්ඝෝෂණය කරති.

පද්මාවතී කිසිදු ගැටළුවක් නැතිව තිරගත කරන්නට හැකි බැව් ජනමාධ්‍ය ඇමතිනී ස්මිර්ති ඉරානි පැවසුවේ මීට දින ගණනාවකට පෙරය. එහෙත් එය තිරගත කිරීම තහනම් කරන ලෙස ඇමතිවරුන් දෙදෙනෙක් ද ඇගෙන් ඉල්ලා තිබේ. රාජ්පුත් සංවිධානයේ විසිපහක පමණ පිරිසක් සන්ජේ ලීලා බන්සාලි ගේ කාර්යාලය ද වැටලූහ. පොලිසිය විසින් මේ පිරිස අත්අඩංගුවට ගන්නා ලද නමුත් පසුව නිදහස් කර තිබේ.